Lyrics

අපේ පොතේ ලියා ඇතී කියුම් තමයි මෙසේ කියන්නේ හිතේ ඇතී මැකී නැතී මෙවන් වදන් බොහෝ වටින්නේ හිතා මතා බැලූ කෙනා නැතේ නැතේ පරාද වෙන්නේ ඇතා නැතා හිතූ කෙනා අනාගතේ ලොවේ දිනන්නේ එදා පවා මෙදා පවා රටක් වටින අපේ කතා ගමේ රටේ තොටේ ඇහෙන්නේ දුන්නු අතත් හපා දමා අඟත් කකා කනත් කකා හිතු මතේ ඔහේ දුවන්නේ අනේ එවන් බොහෝ දෙනා තවත් අපේ සමාජයේ කැපී පෙනී සැපේ හිඳින්නේ මෙකී නොකී අපේ කතා මේවා අපේ අපේ කතානේ සමහරු ඒවී හිතවත් කම් පෙන්නා මග අහුරාවී ඒ මොකදෝ මන්දා පැරදෙනු නෑනේ සූස්තරේ දන්නා කිසිවෙකු ලෝකේ සාස්තරේ හින්දා මේ වගේ කතා රැඳේවී සෑමදා හදේ ජීවිතේ පුරා අගේ දැනේ ඒ ඒ ඒ අපේ පොතේ ලියා ඇතී කියුම් තමයි මෙසේ කියන්නේ හිතේ ඇතී මැකී නැතී මෙවන් වදන් බොහෝ වටින්නේ හිතා මතා බැලූ කෙනා නැතේ නැතේ පරාද වෙන්නේ ඇතා නැතා හිතූ කෙනා අනාගතේ ලොවේ දිනන්නේ එනකොට ආවේ තුත්තිරි ගහ අල්ලා යලි යන කාලේ ඒ මතකේ බින්ඳා තව සමහරු මේ කා ගන්නේ ඉල්ලා වැරදුනු විටදී යාවී ලබා හින්ඳා මේ වගේ කතා රැඳේවී සෑමදා හදේ ජීවිතේ පුරා අගේ දැනේ ඒ ඒ ඒ අපේ පොතේ ලියා ඇතී කියුම් තමයි මෙසේ කියන්නේ හිතේ ඇතී මැකී නැතී මෙවන් වදන් බොහෝ වටින්නේ හිතා මතා බැලූ කෙනා නැතේ නැතේ පරාද වෙන්නේ ඇතා නැතා හිතූ කෙනා අනාගතේ ලොවේ දිනන්නේ එදා පවා මෙදා පවා රටක් වටින අපේ කතා ගමේ රටේ තොටේ ඇහෙන්නේ දුන්නු අතත් හපා දමා අඟත් කකා කනත් කකා හිතු මතේ ඔහේ දුවන්නේ අනේ එවන් බොහෝ දෙනා තවත් අපේ සමාජයේ කැපී පෙනී සැපේ හිඳින්නේ මෙකී නොකී අපේ කතා මේවා අපේ අපේ කතානේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out