Lyrics

සිනාසෙන්න අඩනින්දේ හීනෙන් සැබෑ නොවන මතු දවසේ සිහිනය තුරුළු කරන් කුමරී සිනාසෙන්න අඩනින්දේ හීනෙන් සැබෑ නොවන මතු දවසේ සිහිනය තුරුළු කරන් කුමරී සිනාසෙන්න අඩනින්දේ අහසේ තරුමල් දෙකනේ පිපිලා සුවඳ විහිදුවාදෝ අහසේ තරුමල් දෙකනේ පිපිලා සුවඳ විහිදුවාදෝ පොලවේ බිම්මල් නුඹේ පොඩි දෙපා සිඹින්න පිපෙනවදෝ සිනාසෙන්න අඩනින්දේ හීනෙන් සැබෑ නොවන මතු දවසේ සිහිනය තුරුළු කරන් කුමරී සිනාසෙන්න අඩනින්දේ සුදු ගවුමේ රැලි වැස්සට තෙමිලා හදවත රිදෙනවදෝ සුදු ගවුමේ රැලි වැස්සට තෙමිලා හදවත රිදෙනවදෝ අකුරට යන මග ගඟ යටකරලා හීනෙන් දකිනවදෝ සිනාසෙන්න අඩනින්දේ හීනෙන් සැබෑ නොවන මතු දවසේ සිහිනය තුරුළු කරන් කුමරී සිනාසෙන්න අඩනින්දේ
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out