Lyrics

තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න සේපාලිකා මලකට රෑ තනියම හිනාවෙන්න තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න සේපාලිකා මලකට රෑ තනියම හිනාවෙන්න පුරහඳ එක්ක එන්න නිල් අහසට විරහී හදවත් සඳුන් උලා සිහිලැල් කොට නෙතු වියන් අගට පළඳා සුදු මුතුලැල් පොට විරහී හදවත් සඳුන් උලා සිහිලැල් කොට නෙතු වියන් අගට පළඳා සුදු මුතුලැල් පොට පුරහඳ එක්ක එන්න නිල් අහසට තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න සේපාලිකා මලකට රෑ තනියම හිනාවෙන්න පුරහද එක්ක එන්න නිල් අහසට කටු කම්බි පවුරු පදනම් නොපෙනී සදහට එක යායක් වී මුලු ලෝකය හඳ එළියට කටු කම්බි පවුරු පදනම් නොපෙනී සදහට එක යායක් වී මුලු ලෝකය හඳ එළියට පුරහඳ එක්ක එන්න නිල් අහසට තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න සේපාලිකා මලකට රෑ තනියම හිනාවෙන්න තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න සේපාලිකා මලකට රෑ තනියම හිනාවෙන්න පුරහඳ එක්ක එන්න නිල් අහසට පුරහඳ එක්ක එන්න නිල් අහසට පුරහඳ එක්ක එන්න නිල් අහසට
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out