Lyrics

හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් පෙළයි මා මුදා සුව දැහැනින් හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් පෙළයි මා මුදා සුව දැහැනින් සයුර ඉම ලත් සිතිජ රේඛාවේ මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ තලා මා සිත පලා ගිය ඔබ දවයි මා අද තනිවෙනා මොහොතින් හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් පෙළයි මා මුදා සුව දැහැනින් උතුම් පිවිතුරු ප්රේමයේ නාමෙන් සහස් සුවහස් පැතුම් බල මහිමෙන් ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම් ඔබ මැකී යනු මතකෙන් හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් පෙළයි මා මුදා සුව දැහැනින්
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out