Lyrics

සුවඳ දැනී, දැනී දැනෙනවා උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ හිතට ගලනවා හීත බිඳු බිඳු හීන් පිණි හුළඟේ හිනස්සා හිත හැඟුම් සුවඳ දැනී, දැනී දැනෙනවා... ඊයේ නොදුටුව ලස්සන ලෝකය අද කොයින් හෝ හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට- තුරුළු වෙනවා ජීවිතේ සුන්දරද මෙතරම් සුවඳ දැනී, දැනී දැනෙනවා... රෑන රෑන එන පාට පාට සමනළයෝ පේන පේන මල සිප ගන්නෝ ආදරේ... ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ බලාපොරොත්තුව දෝත දරා මග- බලා හිඳී ඔබ එන තුරා ආයෙ හෙට දවසක් තියේවී අද වාගේ ජීවිතේ සුන්දරද මෙතරම් සුවඳ, දැනී දැනී දැනෙනවා උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ හිතට ගලනවා හීත බිඳු බිඳු හීන් පිණි හුළඟේ හිනස්සා හිත හැඟුම් සුවඳ දැනී දැනී දැනෙනවා...
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out