Lyrics

කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රගේ තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමෙයි හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ.// වක්කලමේ තොටමුණ ලඟ දියරළ සැඩ නැතේ. ගහල වැලේ මල් පිපිලා ආරුක්කුව නැමේ. ලැජ්ජාවෙන් මුව රතු වී නෙතු බාන බිදේ. නාන තොටෙන් නුඹ යනවද මී මල් වැහි පොදේ.// කුඹුක් ගහේ මල් පිපිලා... උණ පඳුරේ සිලි සිලියෙන් මුමුණන සීපදේ. මට විතරක් ඇහුනම ඇයි හොදනැති වග නගේ. හිතකට මල් මේතරම්ම එබිකම් කර නැතේ. නෙළුම් මලක් වෙන්ට එපා හිත් ඉවුරේ මගේ.// කුඹුක් ගහේ මල් පිපිලා... ගායනය: සුනිල් එදිරිසිංහ පද රචනය: අබ්දුල් කේ. සාදික් සංගීතය: දර්ශන රුවන් දිසානායක
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out