Featured In

Lyrics

සුවඳ මලකි නුඹ දියණී මා පින්සර සිසු දියණී බබරු ඇඳෙති ඔය සුවඳේ සුවඳ වසාගනු දියණියනී සුවඳ වසාගනු දියණියනී සඳක් වගේ මට දැනුනී සෙනේ වදන් සුව ගෙනුනී මලට සෙනේ දිය ඉසුනී මා පෙම්බර ගුරු මව්නී මා පෙම්බර ගුරු මව්නී මල් කැකුළු වසා සඳ මඬල වසා මල් කැකුළු වසා සඳ මඬල වසා මඟතොටේ සරනු දියණී මඟතොටේ සරනු දියණී නුඹ ගමන ලෙසා මම දෙපා තබා නුඹ ගමන ලෙසා මම දෙපා තබා මඟතොටේ සරමි මව්නී මඟතොටේ සරමි මව්නී මඟතොටේ සරමි මව්නී හොඳ මවක ලෙසා තුන් දෝස නසා හොඳ මවක ලෙසා තුන් දෝස නසා දැය සමය රකිනු දියණී දැය සමය රකිනු දියණී නුඹ ගුණේ වෙලී රට රකින ලෙසා නුඹ ගුණේ වෙලී රට රකින ලෙසා මම පෙරුම් පුරමි මව්නී මම පෙරුම් පුරමි මව්නී මම පෙරුම් පුරමි මව්නී මම විවරණ දෙමි දියණී මම වරම් ලබමි මව්නී මම විවරණ දෙමි දියණී මම වරම් ලබමි මව්නී
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out