Lyrics

ඔබෙ සැප මගෙ සතුටයි ඔබෙ සැප මගෙ සතුටයි මුතු බිහි කරලා අනුනට බෙදනා මුතු බෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ ඔබෙ සැප මගෙ සතුටයි කොහිද අප සෙවූ සුව සහනේ එළිය නිවුනි දැල්වුන පහනේ කොහිද අප සෙවූ සුව සහනේ එළිය නිවුනි දැල්වුන පහනේ අදුරේ නැති වූ ඉදිකටුවක් සේ රිදී ඉරක් නැග නැතිව ගියා ඔබෙ සැප මගෙ සතුටයි ඔබෙ සැප මගෙ සතුටයි මුතු බිහි කරලා අනුනට බෙදනා මුතු බෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ ඔබෙ සැප මගෙ සතුටයි සත්සර නිහඩය- වීණාවේ තත්පෙළ ඉකිබිද- තැවුනාවේ සත්සර නිහඩය- වීණාවේ තත්පෙළ ඉකිබිද- තැවුනාවේ මා ගැයු ගීතේ අද මට නෑසේ ඔබේ කණට එය ඇසුනාවේ ඔබෙ සැප මගෙ සතුටයි ඔබෙ සැප මගෙ සතුටයි මුතු බිහි කරලා අනුනට බෙදනා මුතු බෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ ඔබෙ සැප මගෙ සතුටයි
Writer(s): Hr Jothipala Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out