Lyrics

හන්තානේ දුක් කඳුලු එකතු වී නුවරට වැවකුත් තැනුනා නම් ඒ වැව් ජලයේ සුසැදි නෙළුම් මල් දළදා සමිඳුට පිදුනා නම් දුක් රැදි දෑසක නැගෙන කඳුලු බිඳු පවු කරලා යැයි හිතන්නෙපා පින් පිරුවා... මයි හන්තානේ දුක් සුසුම් එකතු වී නුවරට පුද පැන් පිඳුවා නම් ඒ සෙනෙහස රැදි සීත සුළං රැළි දළදා පෙරහැර බැලුවා නම් දුක් හදකින් නැගෙන සුසුම් රැළි පවු කරලා යැයි හිතන්නෙපා පින් පිරුවා... මයි හන්තානේ මල් කැකුළු එකතු වී නුවරට හැඩ රුව දුන්නා නම් ඒ හැඩ වැඩි කල මලේ මහන්සිය දළදා පාමුල නිවුනා නම් මලකින් මලකට පැමිණෙන දුක දැක පවු කරලා යැයි හිතන්නෙපා පින් පිරුවා... මයි හන්තානේ දුක් කඳුලු එකතු වී නුවරට වැවකුත් තැනුනා නම් ඒ වැව් ජලයේ සුසැදි නෙළුම් මල් දළදා සමිඳුට පිදුනා නම් දුක් රැදි දෑසක නැගෙන කඳුලු බිඳු පවු කරලා යැයි හිතන්නෙපා පින් පිරුවා... මයි
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out