Lyrics

නෙළුම් විලෙන් පැන කිතුල් මලින් පැන මල් කිනිත්තට රොන් පොදක් ගෙන පෙම් කරලා හැරයන්නේ කොහොමද නෙළුම් විලෙන් පැන කිතුල් මලින් පැන මල් කිනිත්තට රොන් පොදක් ගෙන පෙති තලලා දුර යන්නේ කොහොමද සත්සියයක් සෙනග පරිද්දෙන් එකලු උනා ඔබ අකුණ පරිද්දෙන් ඔබටම සිත ගිය සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන් සත්සියයක් සෙනග පරිද්දෙන් එකලු උනා ඔබ අකුණ පරිද්දෙන් ඔබටම සිත ගිය සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන් නෙළුම් විලෙන් පැන කිතුල් මලින් පැන මල් කිනිත්තට රොන් පොදක් ගෙන පෙම් කරලා හැරයන්නේ කොහොමද නෙළුම් විලෙන් පැන කිතුල් මලින් පැන මල් කිනිත්තට රොන් පොදක් ගෙන පෙති තලලා දුර යන්නේ කොහොමද රූප සොබාවට මා නෙත් උදම් වන ආලෙත් සරී මගෙ ප්රාණෙත් සරී ප්රේමි සුපෙම්බර කෝලෙන් සිනාසෙන නුවර ලදුන් සිටියාද මෙවන් හංස විලේ පීන්න ගොසින් මල් දුන්න අරන් නුඹ විද්ද සැනින් ගුම්ද ගුදත් ගත ගම් ගත දොම් මට නින්ද නොඑන්නේ මන්ද ඉතින් උන්මාද දෙතොල් සායම්සු වදින් කම්මුල් තෙමන්න එපා මට තුරුලුවෙලා මෘදු පිහාටුවෙන් කරදර කරන්න එපා පිනි කදුලු සලා බොරුවට හඩලා මගෙ හිත කඩන්න එපා අරවින්ද කැකුලු තුඩ මගෙ පපුවෙ ඉඩකඩ සොයන්න එපා වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා දුක වාවාගෙන ඉන්නට කීවා සාර සදිසි පෙති පේර නෙළාලා වීර මලක පෙති නාසෙට අල්ලා සූරියවැව ළඟ ප්රේම කුරුල්ලා සොකරි නටන්නට එන්න ඇහැව්වා මාලගිරව් ටික හීන ගෙනාවා වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා දුක වාවාගෙන ඉන්නට කීවා වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවී එපා කියද්දී බලහත්කාරෙන් යහනට කඩාවදී විනීත තාලෙන් ප්රේමාලිංගන නෙත් කරලිය පාවී බැහැයි කියද්දි සුරතින් ඇදගෙන තුරුලේ රඟපාවී බැහැයි කියද්දි සුරතින් ඇදගෙන තුරුලේ රඟපාවී මේ පැහැදිලි සඳපානේ දඟලන තරු ලැජ්ජාවේ මැවෙනා සිහින ඟඟේදී එළිවෙනවා නොදැනේ මේ පැහැදිලි සඳපානේ දඟලන තරු ලැජ්ජාවේ මැවෙනා සිහින ඟඟේදී එළිවෙනවා නොදැනේ උන්මාද දෙතොල් සායම්සු වදින් කම්මුල් තෙමන්න එපා මට තුරුලුවෙලා මෘදු පිහාටුවෙන් කරදර කරන්න එපා පිනි කදුලු සලා බොරුවට හඩලා මගෙ හිත කඩන්න එපා අරවින්ද කැකුලු තුඩ මගෙ පපුවෙ ඉඩකඩ සොයන්න එපා නෙළුම් විලෙන් පැන කිතුල් මලින් පැන මල් කිනිත්තට රොන් පොදක් ගෙන පෙම් කරලා හැරයන්නේ කොහොමද නෙළුම් විලෙන් පැන කිතුල් මලින් පැන මල් කිනිත්තට රොන් පොදක් ගෙන පෙති තලලා දුර යන්නේ කොහොමද
Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Music
instagramSharePathic_arrow_out