Lyrics

සඳ මල පිබිදුණු නිල් කඳුරැල්ළක රන් තරු පොකුරක මල් ඇතිරිල්ලක හසරැල් කැල්මක දුක් කඳුළැල්ලක තනිවෙමු දෙසිතෙහි එක සිතිවිල්ලක හඩා වැටෙන විට නෙතුයුග තෙත්වී සිනා පොදක් වෙන්නම් සිනා නඟන විට පැතුමන් දැල්වී කඳුළින් සුරකින්නම් සඳ මල පිබිදුණු නිල් කඳුරැල්ළක රන් තරු පොකුරක මල් ඇතිරිල්ලක හසරැල් කැල්මක දුක් කඳුළැල්ලක තනිවෙමු දෙසිතෙහි එක සිතිවිල්ලක වියෝ දුකට සුසුමට මඟ අවුරා හදේ ළැඟුම් ගන්නම් රැදී නිබඳ පණ නළමෙන් දැවටී දිවි ඇති තුරු ඉන්නම් සඳ මල පිබිදුණු නිල් කඳුරැල්ළක රන් තරු පොකුරක මල් ඇතිරිල්ලක හසරැල් කැල්මක දුක් කඳුළැල්ලක තනිවෙමු දෙසිතෙහි එක සිතිවිල්ලක
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out