Music Video

Sanda Pana Wage Dilenne - Rookantha Gunathilaka
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Rookantha Goonatillake
Rookantha Goonatillake
Lead Vocals
COMPOSITION & LYRICS
Rookantha Goonatillake
Rookantha Goonatillake
Composer
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

සඳ පාන වාගේ දිලෙන්නේ ඔබමයි හදෙහි රැඳෙන්නේ නිල් විල් ජලාසේ හංසිය විලාසේ මා හද විලේ සැරිසරන්නේ සඳ පාන වාගේ දිලෙන්නේ ඔබමයි හදෙහි රැඳෙන්නේ මල් මාවතේ සැරිසරාලා නැළවුණු ළඳේ තුරුලු වීලා සමනල්ලු කෝ අද ගිහිල්ලා මල් ගොමුවේ නෑ මල් පිපීලා ඔබ නොඑන මේ බිම් තලාවේ පාළුව හඬයි රෑ දවාලේ කවදාක හෝ යළි සිනාසෙයි ආයේ ආවා කියා පෙම්බරාවී හද වේදනාවන් නිවේවී සඳ පාන වාගේ දිලෙන්නේ ඔබමයි හදෙහි රැඳෙන්නේ නිල් විල් ජලාසේ හංසිය විලාසේ මා හද විලේ සැරිසරන්නේ සඳ පාන වාගේ දිලෙන්නේ ඔබමයි හදෙහි රැඳෙන්නේ නිල්වන් ගැබේහි පියාඹා එන්නම් ප්රියේ ඔබ සොයාලා සිඳලන්න මේ කඳුළු ගංගා හද වේදනා මදිද වින්දා යළි මාවතේ මල් පිපීලා සමනල්ලු රෑනෙ පිරීලා ඔබ මා ළඟින් ඉන්නවානම් ආයේ මල් මී වසන්තේ උදාවී හද වේදනාවන් නිවේවී සඳ පාන වාගේ දිලෙන්නේ ඔබමයි හදෙහි රැඳෙන්නේ නිල් විල් ජලාසේ හංසිය විලාසේ මා හද විලේ සැරිසරන්නේ සඳ පාන වාගේ දිලෙන්නේ ඔබමයි හදෙහි රැඳෙන්නේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out