Top Songs By Anjalee Herath
Credits
PERFORMING ARTISTS
Anjalee Herath
Performer
Nimesh Kulasinghe
Performer
Lyrics
නෑකම නෑ ඕනෑකමයි ලොකූ
ඇයි මිනිසුන් හංගාන බිලි කොකූ
මේ ලෝකේ රතු ලේ තමයි උකූ
දෙවියනේ කියන් ඇනලා දෙකක් ටොකූ
ආදරයේ දේවාලෙ දෙවියො මග දමා
බිම නොබැලූ දෙවියන්ට වඳී දණ නමා
ජීවිතයේ ආයුෂ කෙටියි තමා
හිස් තැන් ළඟින් තියනවා කොමා
ජේසූ බුදුන් අල්ලා දෙවියන් එක පැත්තේ
මිනිසුන් තමයි ආගමට ගහ මරා ගත්තේ
විවිධ වුණත් වැහුවාම හැඩයි එක අත්තේ
පන්සලේ මිසක් දන්සලේ සෙනඟ අඩු නැත්තේ
මගුලට මළගෙට තරඟය පේනා
ලොකුවට පෙන්වන්න තමයි ඕනා
යැව්වට වෙන අය සඳ වෙත යානා
අපි බය එයි කියලයි මහ සෝනා
මේ ලෝකේ හැම දෙනා කළු සුදූ
නෑ කවුරුත් තනිකරම පිරිසිදූ
සැප දුක දෙක හෑමදෙනාටම පොදූ
මාරයා ඇප නැතිවම අහයි නඩූ
ආදරයේ දේවාලෙ දෙවියො මග දමා
බිම නොබැලූ දෙවියන්ට වඳී දණ නමා
ජීවිතයේ ආයුෂ කෙටියි තමා
හිස් තැන් ළඟින් තියනවා කොමා
ජීවිතයේ ආයුෂ කෙටියි තමා
හිස් තැන් ළඟින් තියනවා කොමා
Lyrics powered by www.musixmatch.com