Lyrics

තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේ කෝලම් නටන්නේ තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේ කෝලම් නටන්නේ දිළින්දා රජින්දා උපන් සේ නැසෙන්නේ ඔවුන්ගේ නමයි මේ ලොවේහි රැඳෙන්නේ ලොවේහි රැඳෙන්නේ උසස්කම් පහත්කම් සොයාලා බැලීමෙන් වැඩක් නෑ පලක් නෑ ඊර්ෂ්යා කිරීමෙන් ඊර්ෂ්යා කිරීමෙන් හෙට හෝ අනිද්දා සියල්ලන් වියෝවී නවාතැන් පොලෙන් මේ පිටත්වන්න වේවී පිටත්වන්න වේවී තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේ කෝලම් නටන්නේ රාග, ද්වේශ, මෝහේ, මානේ වෙලීලා බැඳීලා සාපයක්ම වාසේ වේවී පාපේ ගැලීලා පාපේ ගැලීලා මළ දා නිදන්නේ එකටයි කනත්තේ කුල, මල, ජාතී භේදේ එදා නෑ නැගෙන්නේ එදා නෑ නැගෙන්නේ කුමටද කා බී නිති සැරසෙන්නේ කොතැනද මේ කය අරගෙන යන්නේ අරගෙන යන්නේ තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේ කෝලම් නටන්නේ
Writer(s): Karunarathna Abeysekare, P.l.a. Somapala Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out