Lyrics

ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි සුළඟිල්ලේ එල්ලී සඳ දියකොට කිරි වතුරෙන් ඒ දියරෙන් මුව දෝවා දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන් මතකයි මා නැළැවූවා ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට දිරි දී පණ දී මා දැඩි කල අම්මා ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි සුළඟිල්ලේ එල්ලී තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා නිදි ගන්වා යහන් ගැබේ සිහිනෙන් ගෑ සුවඳක් මෙන් සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ දවසින් දවසට සෙනෙහස ලබැඳී ගෙනදී දිවියට නව පණ ලැබදී මා දැඩිකල අම්මා ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි සුළඟිල්ලේ එල්ලී
Writer(s): Victor Rathnayake Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out