Lyrics

මේ නදියේ ගීතය සේ ඔබ හිනැහේ මේ යහනේ හීනය සේ ඔබ නැලවේ වන පියසේ වදුළු පුරා මුවරඳ උරා ඔබට පුදා මේ අරණේ හසරැල් ගොතා මුව පළඳා මල් උයන සදා සුවඳේ. නහවා. බොඳ දෑසේ දුක සදා මම ගනිමී සඳ වගේ ඔබ මගේ එළිය වේවි ජීවනයේ මග අඳුනා ඔබ සෙවෙනතේ සදා රැඳෙමී මගේ ළය මඩලේ සතපා. හොවා. ගඟ දෑලේ කුරුළු ගී මම විඳිමී සිරි යහනේ සිරි සදා රැකගනිමී ආදරයේ කිරුළු දරා ලෝකය ඔබේ උදා කරමී මගේ හිත් අහසේ සඳ සේ. සදා. මේ නදියේ ගීතය සේ ඔබ හිනැහේ මේ යහනේ හීනය සේ ඔබ නැලවේ වන පියසේ වදුළු පුරා මුවරඳ උරා ඔබට පුදා මේ අරණේ හසරැල් ගොතා මුව පළඳා මල් උයන සදා සුවඳේ. නහවා.
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out