Lyrics

සඳළුතලේ ඔබ සිටියා බලා ඈත තියා මම දුටුවා අසු පිට එන සඳ ඔබ දැක ගන්නට තවත් සඳක් දෝ මට සිතුණා ඔබ මා සතු නම් වෙන සැප කුමටද මසිත සැලෙයී ඔබ දුටුව පැයේ පුලින තලාවක ඇඳිරි වෙලාවක සිතුවිලි කුටියේ සිහින රැයේ රජ මැදුරක ඔබ සැතපෙන යහනක සුව පහසුව නැත මගෙ කුටියේ එනමුත් ඔබහට බැඳි මා සෙනෙහස දිවි ඇති තුරු මා හදෙහි තියේ සඳළුතලේ ඔබ සිටියා බලා ඈත තියා මම දුටුවා අසු පිට එන සඳ ඔබ දැකගන්නට තවත් සඳක් දෝ මට සිතුණා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out