Lyrics

දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුණ දා බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ කොළඹ අහස කළු කරගෙන මූදු හුළඟ අඹලන කොට ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ මං එන තුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out