Credits
PERFORMING ARTISTS
The Gypsies
Lead Vocals
Roshan & Sunil Perera
Lead Vocals
COMPOSITION & LYRICS
Santy
Songwriter
PRODUCTION & ENGINEERING
Torana Music Box
Producer
Lyrics
බොරුවට අඬලා කිමද හැපෙන්නෙ විමලා
කලබල කරලා මොකටද නෑ ලෙඩක් වෙලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹේ පෙම්බර සයිමා කට් වෙලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹේ ඩාර්ලිං සයිමා කට් වෙලා
අද පඩි හින්දා සොමියට හිත ගිය හන්දා
යාළුවෝ කැන්දා තරඟෙට බිව්වද මන්දා
අනේ නුපුරුදු හින්දා වමනෙට ආවද මන්දා
මේ බොන්නට බැරි සයිමා මොකට බිව්වද මන්දා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹේ පෙම්බර සයිමා කට් වෙලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹේ ඩාර්ලිං සයිමා කට් වෙලා
කසාද බැඳලා අවුරුදු දෙක ගත වීලා
දරුවෙකු ලැබිලා නැත ගෙයි කලඑළි වීලා
අයියෝ ඒ ගැන හිතල ද කොහෙදෝ සයිමන් බීලා
උඹ විගහට පැනලා වෙදකම් කරපන් විමලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹේ පෙම්බර සයිමා කට් වෙලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹේ ඩාර්ලිං සයිමා කට් වෙලා
උඹ තව අඬලා මොකටද පල නැත විමලා
සයිමට වැදිලා, කරපට් වෙන්නට වැදිලා
මොකටද බැනලා, වැඩකට නැහැ නොවැ බැනලා
ඔය දෙහි ටික හදලා විගහට පොවපන් විමලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹේ පෙම්බර සයිමා කට් වෙලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹේ ඩාර්ලිං සයිමා කට් වෙලා
බොරුවට අඬලා කිමද හැපෙන්නෙ විමලා
කලබල කොරලා මොකටද නෑ ලෙඩක් වෙලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹේ පෙම්බර සයිමා කට් වෙලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹේ ඩාර්ලිං සයිමා කට් වෙලා
උඹේ පෙම්බර සයිමා කට් වෙලා
සයිමා, විමලගේ සයිමා කට් වෙලා
සයිමා කට් වෙලා...
Lyrics powered by www.musixmatch.com