Lyrics

වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නේ රෑ විතරද විහඟුන් පෙම් ගී ගැයුවට ගී කියන්නේ උන් විතරද මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නේ මං විතරද රෝස පතක කවි ලිව්වේ සුවඳ දිදී තියාගන්න මේ විදියට ගී ගැයුවේ ඉන්න තැනක දී ඇහෙන්න මේ විදියට ගී ගැයුවේ... ඉන්න තැනක දී ඇහෙන්න... රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නේ රෑ විතරද මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නේ මං විතරද උස අත්තක මලක් උනේ ගව් ගණනක් උඩින් ඉන්න අවසානේ උරුම උනේ මල් පොකුරක එකක් වෙන්න අවසානේ උරුම උනේ... මල් පොකුරක එකක් වෙන්න... වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නේ රෑ විතරද විහඟුන් පෙම් ගී ගැයුවට ගී කියන්නේ උන් විතරද මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නේ මං විතරද
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out