Lyrics

ලක් වැසියන් කෙරෙහි නැමී අරහත් මහ මිහිදු හිමි පෙව්වෙ උතුම් සදහම් මී පුත නුඹටත් පොවමි එමී ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ මෙබදු උතුම් ලංකාවේ දසතින් දුසිරිත් බොහෝ වේ මේ ගැන වැඩ කළොත් ලොවේ නුඹෙත් මගෙත් නම කියවේ ඉටු කොට කළ යුතු යුතුකම් ලැබුනත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුඹයි මගේ පූතා උතුම් තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුද නොකළොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පලක් නැතේ මේ ගැන වැඩ කොට ඉමහත් ලැබෙන දුකත් හිරිහැරයත් නිවනට සරි කොට සිතතොත් නුඹයි මගේ පුතා සමත් කාටත් හිමි පොදු දේනම් නැති බැරි හිග අවහිරකම් මේ දේ මැඩ ගෙන දස්කම් පෑම තමයි සුරුවිරුකම් උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්නේ
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out