Lyrics

ඕම් ඉන්ද්රමුඛේමේලමුඛේ මහානාරායනමුඛේ උදයබ්රහ්මරූපංමධ්යමමහේෂ්වරරූපං සවසවිෂ්ණුරූපං ඕම්ජයකටකටත්තවිකටමරණතරභේරියං කුජසංගීතභරණං මමදේහනායකසිද්ධිබලං මමදේහනායකබුද්ධි බලං කිත්තානේ කිනත්තේ කිත්ති කතානේ සක්විත්තන් හිරුට වැන්ද සිංහළ දීපේ පුප්පානේ පූපනේ පැණිරස වෑහේ ගම්මානේ ගිගුම් දිදී සිංහළ නාදේ කණ්හානේ කණ්හනේ කම්ස හෙළයිනේ රාවන පරපුරක උළෙල බුදුන්නෙ දේසේ ඩමරු බුද්ධ බෙර වයා නැකැත් කෙලින්නා කැවිලි පෙවිලි උයා උයා හැඩවැඩ වෙන්නා අනුරාපුරයේ සයංජාත කිරිබත් සැදෙනා සමනොල සබරේ මසුරන් බත දනට පිදෙන්නා වස්සානේ දසන්තේ රාවන තාලේ අවුරුද්දම සතුට රැන්දු සදහම් දීපේ නකුල දේව සේ ජවෙන් කමතෙ බමන්නා දෙනෙත් කොනින් බලා බලා ලඳුන් රගන්නා පැරනිම දේසේ පොරනේ සිරිත රකින්නා ඒ දීපේ එක නැකතට සියල්ල වෙන්නා මද්දාරා මදාරා පරසතු පිපෙනා දෙව්ලෝකේ මෙහේනේ දෙවිවරු වසනා කණ්හානේ කණ්හනේ කම්ස හෙළයිනේ රාවන පරපුරක උළෙල බුදුන්නෙ දේසේ ගායනය: මලින්ද විජේකෝන්යො, හාන් රණසිංහ ගේය පද: ධම්මික හෙට්ටිආරච්චි සංගීතය: පබලූ විජේගුණවර්ධන
Writer(s): Dhammika Hettiarachchi Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out