Lyrics

සන්තානික මාළිගේ ඔබ තාම තනියම ඇයි මෙලෙස තව මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා ප්රේමාදර මායිමේ හැමදා නිහඬ වනු ඇයි කෙලෙස මම හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා ඔබ ගාව නවතින චේතනා මුදු හීන ලෝකෙක පා කලා ඈත යනවද පාවෙලා මම නෑ ඔබෙන් මිදිලා දුර කාලයක බැඳෙනා රටා හිත පාරවන රචනා එපා දෑස බොඳ කරනා කතා තව නෑ හදින් විමසා මා ළඟින් සැනසීලා, හිනැහීලා මට හේතු මොකටද යා කරන්නද අශා ඔබ හා මා බැඳෙනා කාලයෙන් බැඳි සීමා හැරදාලා අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා නොම බාධා අප හා සංකා නැති මාවතේ තව නාවෙ මට කිමදැයි කියනවද ළං වෙන්නද මා මෙසේ අමනාපකම් තියලා රූරා ගිය ආදරේ ඔබ පාමුලේ තැබුවත් හැඟෙනවද පාරා ගිය කාරනේ නොකියා හදක් රිදවා ඔය හාදු මං ගාවින් තියා ළං වී හිඳින්නද රෑ පුරා මා සිතින් ඇඳෙනා නුරා හද නෑ තවත් සනසා දුර කාලයක බැඳෙනා රටා හිත පාරවන රචනා එපා දෑස බොඳ කරනා කතා තව නෑ හදින් විමසා මා ළඟින් සැනසීලා, හිනැහීලා මට හේතු මොකටද යා කරන්නද අශා ඔබ හා මා බැඳෙනා කාලයෙන් බැඳි සීමා හැරදාලා අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා නොම බාධා අප හා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out