Music Video

Mandarame (මන්දාරමේ) - Ayesh
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Ayesh
Ayesh
Performer
COMPOSITION & LYRICS
Ayesh
Ayesh
Songwriter
PRODUCTION & ENGINEERING
Ayesh
Ayesh
Producer

Lyrics

හන්තාන ඉමෙන් එහා ලොවක් හදින් මවා රොබරෝසියා කුසුම් රහසේ මිලින වෙලා සංතාපයෙන් වෙලා මිහිදුම් සළුත් ඉරා මන්දාරමේ නුඹත් පාරා දුරක ගියා දින ගණන් සති ගණන් ගෙවේවි මනෝ ලෝක මවන් සිතුවිලි තුළ තැවේවි නුඹෙ ලෝකෙ නුඹ දුර ඇදේවි තනිකම තනියට මගෙ තනි මකාවි මහවැලි ගඟ ඔහෙ ගලාවි අපෙ මතකයන් ලෝකෙට නොම කියාවි පෙම් මාවතෙ යළි නොයාවි මම විතරක් ඒත් නුඹ නම් ඇදේවි] වස්සාන පෙම් සිහිනේ වියැකී ගිම්හානේ වාගේ පාවී දුරට අද මා අඳුරේ සිහිවේ මතක අතරේ ඔබ මා හා පාරාදීසේ හැබැහින් නැතත් විඳිමී සිහිනේ රොබරෝසියන් මල් පාටට පාට කරන් සිහින ලෝකෙ නුඹ දුර ඇදුනට පාට මකාගන්න කදුලු මදිවෙයිද අද ඉන්නෙ තාම එක තැන මම එක්ක හිත හන්තාන ඉමෙන් එහා ලොවක් හදින් මවා රොබරෝසියා කුසුම් රහසේ මිලින වෙලා සංතාපයෙන් වෙලා මිහිදුම් සළුත් ඉරා මන්දාරමේ නුඹත් පාරා දුරක් ගියා කවි ලිය ලිය පුරවපු කොළ හැමදාම රෑට කතා කරපු ගණන් ඒ පැය අරුතක් නැති වරු ගණන් උඩින් යන අවසානෙ මේක කියල නුඹ හිතුවද ගිනිදැල් හදේ රැඳි ඒ ගිනියම් කළා මගෙ ලෝකේ වියැළී දැවෙන අද මා කතරේ කැළඹී සිලිලාකරේ කිමිදී සුපෙම් සුව විඳි ඒ හිඳිමී තනිව වැතිරී සයනේ අත අරගෙන පෙර දිනවල ඇවිදපු හැටි දහසක් දෙන මැද ඔබ මුහුණට හමුවන අය විමසන විට පවසන්නෙ මොනවද මම අද හන්තාන ඉමෙන් එහා ලොවක් හදින් මවා රොබරෝසියා කුසුම් රහසේ මිලින වෙලා සංතාපයෙන් වෙලා මිහිදුම් සළුත් ඉරා මන්දාරමේ නුඹත් පාරා දුරක් ගියා දුර යන්න දුන්න හේතු දහසට තැවි තැවි ඉන්නෙ ඇයි වෙලා උඹ අහසට වැරදුන ආදරෙන් හති වැටුණට ජීවිතෙ දිනන්නයි ඕන සවි අරගෙන
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out