Lyrics

තරු මල් යායම පොඩි කර අහස් විලේ ඉර හඳ මිරිකා දියකර සාගරයේ අදුරේ උන්නෙමි ලොවම එපාවී මා හැරදා ඈ ගිය දවසේ මා හැරදා ඈ ගිය දවසේ දුක පැවසුවෙමි අසනා කෙනෙක් නැති පාළු නැසුවෙමි තනියට කෙනෙක් නැති තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි එකම ළඳක් පෙම් කළ උමතුවෙනි තරු මල් යායම පොඩි කර අහස් විලේ ඉර හඳ මිරිකා දියකර සාගරයේ අදුරේ උන්නෙමි ලොවම එපාවී මා හැරදා ඈ ගිය දවසේ මා හැරදා ඈ ගිය දවසේ නුවර උයන් මැද හමුවූ ළඳුන් නැති යටැසින් බැලු නෙත් රහසින් කතා නැති තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි එකම ළඳක් පෙම් කළ උමතුවෙනි තරු මල් යායම පොඩි කර අහස් විලේ ඉර හඳ මිරිකා දියකර සාගරයේ අදුරේ උන්නෙමි ලොවම එපාවී මා හැරදා ඈ ගිය දවසේ මා හැරදා ඈ ගිය දවසේ
Writer(s): Gunadasa Kapuge, Lucian Bulathsinghala Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out