Lyrics

සඟවා ගනු මැන ඔබ රුව සොඳුරියෙ අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි මා හද බිය වී සැලී සැලී යයි සඟවා ගනු මැන ඔබ රුව සොඳුරියෙ අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි මා හද බිය වී සැලී සැලී යයි මහ වන පියසෙක අඳුරු ගුහාවෙක යම් දිනයක ඔබ සඟවා තබනෙමි මහ වන පියසෙක අඳුරු ගුහාවෙක යම් දිනයක ඔබ සඟවා තබනෙමි හිරු රැස් බිඳකුදු ඔබ රුවැ දුටු සඳ ඉරිසියාවෙන් පිරවේ මා හද සඟවා ගනු මැන ඔබ රුව සොඳුරියෙ අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි මා හද බිය වී සැලී සැලී යයි සොමිසඳ වත ලෙස රුසිරු නොවිනි නම් දහසක් නෙත් ඔබ දුටුව ද කම් නැත සොමිසඳ වත ලෙස රුසිරු නොවිනි නම් දහසක් නෙත් ඔබ දුටුව ද කම් නැත එනමුදු ඊයේ මට පෙන්වූ රුව තව නෙත් දෙකකට හිමි විය යුතු නැත සඟවා ගනු මැන ඔබ රුව සොඳුරියෙ අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි මා හද බිය වී සැලී සැලී යයි සඟවා ගනු මැන ඔබ රුව සොඳුරියෙ අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි මා හද බිය වී සැලී සැලී යයි
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out