Lyrics

නෙත් යුග රන් තරු යුවළ තමයි තොල් පෙති නා දළු වලට සමයි මගෙ හද ඔබෙ සුව යහන තමයි ඔබ සොයනා කළු කෙල්ල මමයි ඔබ සොයනා කළු කෙල්ල මමයි අඳුරින් බර වැලි කතරේ පවා ආලෝකය දෙමි උදය හවා ගිමනට සීතල සෙවණ මවා දිය දහරක් වෙමි පවස නිවා දිය දහරක් වෙමි පවස නිවා නෙත් යුග රන් තරු යුවළ තමයි තොල් පෙති නා දළු වලට සමයි මගෙ හද ඔබෙ සුව යහන තමයි ඔබ සොයනා කළු කෙල්ල මමයි ඔබ සොයනා කළු කෙල්ල මමයි රළ ලෙස ජීවන දිය දහරේ අත ගෙන එමි ඔබ යන පාරේ සුපුරුදු ගති ගුණ අතනෑරේ දුක හෝ සැප විඳගමු මිහිරේ දුක හෝ සැප විඳගමු මිහිරේ නෙත් යුග රන් තරු යුවළ තමයි තොල් පෙති නා දළු වලට සමයි මගෙ හද ඔබෙ සුව යහන තමයි ඔබ සොයනා කළු කෙල්ල මමයි ඔබ සොයනා කළු කෙල්ල මමයි
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out