Lyrics

අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු අවතැන් හදේ සුසුමන් දැවේ හසකැන් ඔබේ හුස්මක් ගෙනේ හැබැහින් මගේ නොවුනා නොවේ හසඟන මගේ විතරක් නොවේ නිසොල්මන් කලාවේ හැඟුම් ආදර හිතේ දෝර ගලන්න දෙතොල් මත් වුනාවේ කොපුල් මත්තේ වෙලී ඇස් වහන්න හැඬුමන් සනසා තුරුලේ ඔබ එක්ක මා ගෙවපු අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු අවතැන් හදේ සුසුමන් දැවේ හසකැන් ඔබේ හුස්මක් ගෙනේ හැබැහින් මගේ නොවුනා නොවේ හසඟන මගේ විතරක් නොවේ මේ ඇසිල්ලේ දැවෙන්නම් අරුත් නොවිමසන් ප්රියාවේ මා හිතත් ඔය හිතත් දෙලොවකින් මිදෙන මේ නිශාවේ නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු... අවතැන් හදේ සුසුමන් දැවේ හසකැන් ඔබේ හුස්මක් ගෙනේ හැබැහින් මගේ නොවුනා නොවේ හසඟන මගේ විතරක් නොවේ...
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out